පෙර පාසල ළඟ ගංජා විකුණලා

පෙර පාසල ළඟ ගංජා විකුණලා

August 22, 2014   09:16 am

පල්ලම ප්‍රදේශයේ ළදරු පාසලක් ආසන්නයේ රැඳී සිටිමින් ගංජා අලවි කිරීමේ නිරතවූ බව කියන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලීසියේ නිලධාරීන් සමත්වී ඇත.

සැකකරු සතුව තිබී ගංජා පැකට් 27 ක් ,රුපියල් 100,580ක මුදලක්, ජංගම දුරකථනයක් සහ ගංජා අලවි කිරීම සඳහා යොදාගත් ත්‍රී රෝද රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පල්ලම - පොත්තුක්කුලම පදිංචි 35 හැවිරිදි අයෙකි.

හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් තමන්ට අලවි කිරීම සඳහා ගංජා සපයන බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

සැකකරු කාලයක පටන් පල්ලම - වතුපොල මාර්ගයේ පෙර පාසලක් අසළ රැඳී සිටිමින් ගංජා අලවි කිරීමේ නිරත ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව ව්‍යාජ ගැනුම්කරුවෙකු යොදවා මෙම වැටලීම සිදු කිරීමට පල්ලම පොලීසියේ නිලධාරීන් කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ ඔහු සතුව තිබියදී පොලිස් බාරයට ගෙන ඇති ගංජා තොගය,මුදල්,ජංගම දුරකථනය සහ ත්‍රී රෝද රථය පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පල්ලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි.

ඡායා රූ - ජූඩ් සමන්ත