එෆ්.එම්. දෙරණ අක්ෂි සායනය අද කුරුණෑගලදී

එෆ්.එම්. දෙරණ අක්ෂි සායනය අද කුරුණෑගලදී

August 22, 2014   08:31 am

එෆ්.එම් දෙරණ සංවිධානය කරන අක්ෂි සායනය අද (22) දිනයේ කුරුණෑගල උහුමීය, මුදුන්න ශ්‍රි බෝධිරුක්ඛාරාම ජයන්ති විහාර පරිශ්‍රයේ සිදුකෙරෙයි.

අද උදෑසන 09 සිට ඔරේන්ජ් ආයතනයේ දායකත්වය මත මෙම අක්ෂි සායනය සිදුකෙරෙන බව සඳහන්ය.

අක්ෂි සායනයෙන් ඇස් කණ්නාඩි ලබාදීමට නිර්දේශ කෙරෙන සියලු දෙනාට ලබන මස 08 වැනිදාට යෙදෙන බිනර පුන් පොහොය දින එෆ්.එම් දෙරණ අසපුව වැඩසටහනට සමගාමීව එම විහාර පරිශ්‍රයේ දීම එම කටයුත්ත සිදුකිරීමට නියමිතය.