තවත් මිනිස් ජීවිතයක් අලියෙකුට බිලි

තවත් මිනිස් ජීවිතයක් අලියෙකුට බිලි

August 22, 2014   08:12 am

මහානාගපුර, පල්ලච්චේන හේනයාය ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා ඊයේ පස්වරුවේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු අදාළ පුද්ගලයා අම්පාර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 51 හැවිරිදි අම්පාර, මහානාගපුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.