වන අලි ප්‍රහාරය පුද්ගලයෙකුට මරු කැඳවයි

වන අලි ප්‍රහාරය පුද්ගලයෙකුට මරු කැඳවයි

August 22, 2014   07:12 am

වන අලියෙකු පහර දීම හේතුවෙන් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අයෙකු බාහිර රෝගී අංශයේදීම මිය ගොස් ඇති බව කරුවගලස්වැව පොලීසිය පවසයි.

ඊයේ(21) වැනිදා රාත්‍රී 10.45 ට පමණ මෙම වන අලි ප්‍රහාරය එල්ලවී ඇති බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.

මිය ගොස් ඇත්තේ තබ්බෝව,පලදාගම පදිංචිකරුවෙකු වන රත්නායක මුදියන්සේලාගේ රත්නායක (අවු:58) නම් අයෙකි.

මිය ගොස් ඇති අය තම නිවස ඉදිරිපිට සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වී ඇත.

වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි ඔහුව එම අවස්ථාවේදීම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් බාහිර රෝගී අංශයේදී ඔහු මිය ගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.