පළාත් සභාවට බයිසිකලයෙන් එන ආනන්දි මන්තී‍්‍රවරිය

පළාත් සභාවට බයිසිකලයෙන් එන ආනන්දි මන්තී‍්‍රවරිය

August 21, 2014   10:34 pm

ඡායා රූ - මාධව කුලසූරිය.

උතුරු පළාත් සභා මන්තී‍්‍රනි ආනන්දි සෂිදරන් මහත්මිය පළාත් සභා මාසික සභාවාරය සඳහා අද(21) පාපැදියෙන් පැමිණ තිබේ.

ඇය යාපනය සිට කයිතඩි පළාත් සභා සංකීර්ණය දක්වා කිලෝමීටර 11 ක පමණ දුරක් පාපැදියෙන් පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

සුඛෝපභෝගි වාහනවල නැඟ ජනතා මුදල් නාස්ති කරමින් කටයුතු කරන දකුණේ දේශපාලන නියෝජිතයින්ට ආදර්ශයක් සැපයීමට තමන් පාපැදියෙන් පළාත් සභාවට පැමිණි බැවද මන්තී‍්‍රවරිය එහිදී පවසා ඇත.

ආනන්දි සෂිදරන් මහත්මිය යුද්ධයෙන් අතුරුදහන්වු දෙමළ ජනතාව සොයාදෙන ලෙස රජයට බලපෑමි එල්ල කරන කාන්තා නියෝජිතවරියෙකි.