ඉන්දු - ලංකා මත් ජාවාරම් මැඩීමට බුද්ධි තොරතුරු හුවමාරුවක්

ඉන්දු - ලංකා මත් ජාවාරම් මැඩීමට බුද්ධි තොරතුරු හුවමාරුවක්

August 21, 2014   05:23 pm

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (21) නවදිල්ලියේදී ඉන්දීය මත්ද්‍රව්‍ය පාලක කාර්යංශයේ හා ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් අතර පැවැත්විණ.

එහිදී දෙපාර්ශවය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර තිබේ.

ඒ අනූව මීට අදාළව බුද්ධිමය තොරතුරු දෙපාර්ශවය විසින් හුවමාරු කර ගැනීමට දෙරටේ ආරක්ෂක බලධාරීන් එකඟතාවයට පැමිණ ඇත.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උතුරු පළාත ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.