දළදා මාළිගාවේ සේවකයා බුදු පිළිම විකුණලා
August 21, 2014 04:05 pm
තඹ වලින් අඹන ලද බුදු පිළිම 04 ක් සහ කුඩා ස්ථූපයක් ළඟතබා ගෙන සිටි පුද්ගලයෙකු කටුගස්තොට, ඕවිස්ස උතුර, පූජාපිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පරණ යකඩ භාණ්ඩ අලෙවිකරන ස්ථානයක තිබී මෙම බුදු පිළිම සොයා ගෙන ඇති අතර එම අලෙවිසැලේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
ඔහුගෙන් සිදුකරන ලද ප්රශ්න කිරිම් වලදි අදාළ බුදු පිළිම අලෙවිකළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු දළදා මාළිගාවේ පවිත්ර අංශයේ සේවය කරන පුද්ගලයෙකු බව පොලිසිය පැවසුවේය.
සැකකරුවන් දෙදෙනා අද මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.