වකුගඩු රෝගීන්ගේ රු.1000 දීමනාව රු.3000 කරයි

වකුගඩු රෝගීන්ගේ රු.1000 දීමනාව රු.3000 කරයි

August 21, 2014   02:54 pm

වකුගඩු රෝගින් සඳහා ලබා දෙන මාසික දීමනාව මේ මාසයේ සිට ඉහළ නැංවිමට තීරණය කර තිබේ.

විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තිරණය ගෙන ඇති බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදි එස්. එම්. රංජිත් මහතා මේ බව කියා සිටියේය.

ඒ අනුව වකුගඩු රෝගින් සඳහා රුපියල් දහසක් වු මාසික දීමනාව රුපියල් තුන්දහස දක්වා වැඩිකිරීමට රජය තිරණය කර ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙතෙක් ලබාදුන් දීමනාව වර්තමානයේ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙලෙස එම දීමනාව වැඩිකිරීමට තීරණය කර ඇති බව එස්. එම්. රංජිත් මහතා කියා සිටියේය.

මිට අමතරව අනුරාධපුර, පදවිය ,පොළොන්නරුව යන රෝහල් වලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන වකුගඩු රෝගීන්ට ලංගම බස්රථවල නොමිලේ ගමන් කිරීම සඳහා නිදහස් ගමන් බලපත්‍රයක් ලබා දීමට උතුරු මැද පළාත් සභාවේ අනුමැතිය හිමිව ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.