තායිලන්ත හමුදා ප්‍රධානියා අගමැති පුටුවේ
සයුරෙන් එතෙර

තායිලන්ත හමුදා ප්‍රධානියා අගමැති පුටුවේ

August 21, 2014   02:50 pm

තායිලන්තයේ හමුදා ප්‍රධානි ජෙනරාල් ප්‍රායුත් චාන් ඕචා එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබේ.

60 හැවිරිදි ජෙනරාල් ප්‍රායුත් චාන්ඔචා තායිලන්තයේ ව්‍යවස්ථාදායක සභාව මගින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

තායිලන්ත ව්‍යවස්ථාදායක මන්ත්‍රිවරු 197කගේ ජන්දයෙන් ඔහු මෙම ධූරය සඳහා පත් කර ඇති බව සඳහන්ය.

පසුලිය මාස කිහිපය තුළ තායිලන්තයේ පැවති දේශපාලන අර්බුදවලින් පසු හිටපු අග්‍රාමාත් යින්ලුක් ෂිනවත්‍රාගේ ආණ්ඩුව පෙරළා දැමීමෙන් අනතුරුව යුධ හමුදා ප්‍රධානි ජෙනරාල් ප්‍රායුත් චාන්ඔචා එරට බලය තහවුරු කර ගත්තේය.