බදුලු කෝච්චිය උසස් පෙළ සිසුවිය මරු තුරුළට ගනියි

බදුලු කෝච්චිය උසස් පෙළ සිසුවිය මරු තුරුළට ගනියි

August 21, 2014   02:45 pm

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා විභාග මධ්‍යස්ථානය වෙත යමින් සිටි පාසල් සිසුවියක් තලවකැළේ - හෝලිරූඩ් ප්‍රදේශයේදී මහනුවර සිට බදුල්ල බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් මියගොස් තිබේ.

සිසුවියගේ වයස අවුරුදු 19කි.

අනතුරට ලක්වු පාසල් සිසුවිය ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව අප වාර්තාකරු පැවසීය.

ඇය දිඹුලපතන දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක් වන අතර තලවකැලේ, දිඹුල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.