ප්‍රභාට - දිගාට නි‍.ඇමති පදවි

ප්‍රභාට - දිගාට නි‍.ඇමති පදවි

August 21, 2014   01:11 pm

නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කම්කරු ජාතික සංගමයේ නායක පී. දිගම්බරම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් නියෝජ්‍ය ඇමති තනතුරු දෙකක දිවුරුම් දී තිබේ.

වාසුදේව නානායක්කාර ඇමතිවරයා‍ යටතේ ඇති ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති ලෙස දිගම්බරම් දිවුරුම් දී ඇත.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා යටතේ ඇති විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය ඇමති ලෙස ප්‍රභා ගනේෂන් දිවුරුම් දී තිබේ.

දීර්ඝ කාලයක සිට ඇමති තනතුරක් නොලැබුණ බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම් මහතා ආණ්ඩුවෙන් ඉවත්වන යන බවටද මාධ්‍ය වාර්තා කර තිබුණි.