අක්කාගේ පිහිපහර නංගිට දරුණුවෙයි - මට මොකක්ද වුණේ දන්නේ නෑලු! - අක්කා

අක්කාගේ පිහිපහර නංගිට දරුණුවෙයි - මට මොකක්ද වුණේ දන්නේ නෑලු! - අක්කා

August 21, 2014   12:15 pm

6 හැවිරිදි නංගී සමග ඇති වූ වාදයක් දුරදිග යාමෙන් පසු 13 හැවිරිදි අක්කා විසින් සිදුකළ බව කියන පහරදීමක් නිසා බරපතළ තුවාල ලැබූ පදිලා බානු නැමැති දැරියක් බඩල්කුඹුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

පහරදීම සඳහා පිහියක් ‍යොදාගෙන ඇති අතර ඊයේ සවස මෙම සිද්ධිය වී ඇත.

මොණරාගල, බඩල්කුඹුර ප්‍රදේශයේ නිවසක පදිංචි එම අක්කා නගෝ දෙදෙනා අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් ඇති වූ වාදයක් දුර දිග යාම නිසා මෙම මරණය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

එහිදී තුවාල ලැබූ දැරිය බඩල්කුඹුර රෝහලට ඇතුළත් කර ඇත්තේ ගසකින් වැටුණු බව පවසමින් යැයිද පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර අක්කා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය පවසා ඇත්තේ “ ඒ වේලාවේ මට මොකක්ද වුණේ කියා දන්නේ නෑ” යනුවෙන් බව යැයිද වාර්තා වේ.