ටී.එන්.ඒ 6ක් අද ඉන්දියා යති

ටී.එන්.ඒ 6ක් අද ඉන්දියා යති

August 21, 2014   09:19 am

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරත වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේය.

ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දිනයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.