ළමා අ‍පයෝජන නඩු විසඳන්න පරිගණකයත් ගනියි

ළමා අ‍පයෝජන නඩු විසඳන්න පරිගණකයත් ගනියි

August 21, 2014   09:05 am

ළමා අපයෝජන සිද්ධීන් වලට ආදාළ නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා පරිගණක තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වාදීමට අධිකරණ අමත්‍යංශය පියවර ගෙන තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය විසින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇති අතර ඊට යුනිසෙෆ් සංවිධානය මුල්‍යමය සහ තාක්ෂණික සහයෝගය ලබා දී ඇති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරයි.

ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය දත්ත ගබඩාකිරීම සඳහා මෙම නව පරිගණක තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වා දී ඇත.

මෙම නව ක්‍රමවේදය මගින් ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ නඩු කෙටි කාලක් තුළ විසඳා ගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ඔහු පවසන්නේ විශේෂයෙන් ළමා අපයෝජනයක් සම්බන්ධ නඩුවක් දීර්ඝ කාලයක් විභාගවීම තුළින් එම දරුවා දෙවනවරටත් අපයෝජනයට ලක්වන බවයි.

මෙම නව පරිගණක තාක්ෂණික ක්‍රමවේදය තුළින් ළමා අපයෝජන සිද්ධීන් වලට සම්බන්ධ නඩු සඳහා වඩාත් ගුණාත්මක භාවයෙන් යුත් විසදුම් ලබා ගැනීමේ හැකියාව පවතින බව ද වාර්තා වේ.