කොළඹට වැසි - වැලිගෙපොල ගිනි

කොළඹට වැසි - වැලිගෙපොල ගිනි

August 21, 2014   08:55 am

රත්නපුර, වැලිගෙපොල, යටපස්ගමුව, ගොඩමුදුන ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නතක් හටගෙන තිබේ.

වැලිගෙපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මේ විටත් ගින්න සම්පුර්ණයෙන් මැඩපවත්වා නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය සඳහන් කරයි.

ගින්නෙන් විනාශවු භූමි ප්‍රමාණය මෙතෙක් ගණන් බලා නැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගෙපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කෙසේ වුවද අද (21) අළුයම සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට මේවන විටත් දැඩි වර්ෂාපතනයක් ඇද වැටෙමින් තිබේ.