දඩ මස් තියා ගත්තු හිටපු මන්ත්‍රීවරයෙකුට වැඩවරදියි

දඩ මස් තියා ගත්තු හිටපු මන්ත්‍රීවරයෙකුට වැඩවරදියි

August 21, 2014   07:00 am

දඩමස් ළඟ තබාගත් බව කියන කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැබිතිගොල්ලෑව පොලිසියේ විශේෂ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුගේ නිවසේ ශීතකරණය තුළ තිබී මුව මස් කිලෝ ග්රෑ ම් 01යි ග්රෑරම් 600ක් සහ ඉත්තෑමස් කිලෝ ග්රෑම් 03ක් සොයාගත් බව පොලිසිය කියා සිටියි.

අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.