බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 14ක් රෝහලේ

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 14ක් රෝහලේ

August 20, 2014   11:20 pm

ගාල්ල, පිටිගල ප‍්‍රදේශයේ සිට වැයිහේන ආදාහනාගාරය වෙත අද (20) සවස අවමංගල්‍ය පෙරහරක ගමන් ගනිමින් තිබූ බස් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් බස් රථයේ ගමන් කළ පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පිටිගල පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 44 දෙනෙක් ගමන් කරමින් සිට ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ සියල්ලම අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවී සිටි පුද්ගලයින් වෙයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.