දින 6ක් කොළඹ මාර්ග  කිහිපයක් වැසෙයි

දින 6ක් කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

August 20, 2014   06:25 pm

අලුත්වැඩියාවක් හේතුවෙන් අද(20) සිට දින 6ක් කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග කිහිපයක් වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව ප.ව. 8.30 සිට පෙ.ව. 5.30 දක්වා ගාලු පාර, ගාලු මුවදොර, ලෝටස් පාර, සෙරමික් හන්දිය, බැංකු මාවත, ජනපති මාවත,චෛත්‍ය පාර, ගලධාරි අසළින් පාර වසා දැමීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අද දින සිට දින 6ක කාලයක් මෙලෙස අදාළ කාල සීමාව තුළ මාර්ගය තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ.

අදාළ කාලසීමාව තුළ අදාළ මාර්ගයන් භාවිතා නොකර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.