පෙරහුරුව හේතුවෙන් ටෙක්නිකල් හංදිය-පිටකොටුව බස් නැවතුම තදබදය වැඩියි

පෙරහුරුව හේතුවෙන් ටෙක්නිකල් හංදිය-පිටකොටුව බස් නැවතුම තදබදය වැඩියි

August 20, 2014   10:17 am

පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පළ අසළ ස්ථාපිත කර ඇති දියමත වෙළඳ සංකීර්ණය එළඹෙන 22 දින විවෘත කිරීමට නියමිතව තිබීම හේතුවෙන් ඒ වෙනුවෙන් කෙරෙන පෙරහුරු කටයුතු ආරම්භ වී තිබේ.

මෙම පෙරහුරු හේතුවෙන් බැස්ටියන් මාවත බස් නැවතුම්පළට පිටකොටුව දෙසින් බස් රථ ඇතුළු කිරීම නතර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව බස් නැවතුමට බස් රථ ඇතුළු කළ හැක්කේ කොටුව, දුම්රියපොළ අසළින් පමණක් බව පොලීසිය පෙන්වාදෙයි.

මේ හේතුවෙන් මරදාන ටෙක්නිකල් හංදිය ආශ්‍රිත ප්‍රදේශයේ විටෙන් විට දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බවත්, එය එළඹෙන 22 දින දක්වාම සිදුවනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.