රෝහල් සේවකයෝ වැඩවරති

රෝහල් සේවකයෝ වැඩවරති

August 20, 2014   08:16 am

අද(20) දිනයේ රජයේ රෝහල් වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි.

එම සංගමයේ සභාපති පී.ජයලාල් මහතා පැවසුවේ අද උදෑසන සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ආදේශක සේවකයින්ගේ හිඟ වැටුප් ලබා ගැනීම, ආදේශක සේවකයින්ගේ සේවය ස්ථීර කර ගැනීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල්කරගනිමින් අදාළ වර්ජනය ක්‍රියාත්මක බව ඔහු පැවසුවේය.

මෙම ක්‍රියාමාර්ගයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ආණ්ඩුව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් නිලධාරීන් බවද සභා‍පතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ආණ්ඩුවෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.