නායකත්ව පුහුණුවේ නාම ලේඛන සිකුරාදා

නායකත්ව පුහුණුවේ නාම ලේඛන සිකුරාදා

August 20, 2014   07:49 am

එළඹෙන අධ්‍යයන වර්ශය සඳහා විශ්වවිද්‍යාල වලට බඳවා ගැනිමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් නායකත්ව පුහුණුවට යොමු කෙරෙන මධ්‍යස්ථාන සහ අදාළ නාමලේඛන ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී.ජී ජයසිංහ මහතා පැවසුවේ එහි මුලික කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති බවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9,000 කට ආසන්න පිරිසක් මුලික වටයේ නායකත්ව පුහුණුවට යොමු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා කියා සිටියේය.