චන්දිමාල්, රන්දිව් හා තිසර එක්දින සංචිතයට - කුසල් ඉවතට
August 19, 2014 05:00 pm
පකිස්ථානය සමග පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පත්කර ඇති අතර ඊට දිනේෂ් චන්දිමාල්, සුරාජ් රන්දිව් හා තිසර පෙරේරා ද නම් කර තිබේ.
එම සංචිතයට නම් කර ඇති අනෙක් ක්‍රීඩකයින් වන්නේ ඇන්ජලෝ මැතිව්ස් (නායක) ලහිරු තිරිමාන්න (උපනායක) කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, අෂාන් ප්‍රියංජන, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, රංගන හේරත් හා සීකුගේ ප්‍රසන්න ද ඇතුළත්ය.
කෙසේ වෙතත් පසුගිය තරඟවලදී ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වූ කුසල් ජනිත් මෙම තරඟාවලියෙන් ඉවත් කර ඇති අතර රන්දිව් සංචිතයට කැඳවා ඇත්තේ අවුරුදු 3ට පසුව වීම විශේෂත්වයකි.
දෙරට අතර තරඟාවලිය ලබන 23 වැනිදා හම්බන්තොටින් ඇරඹෙන අතර දෙවන තරඟය ලබන 27 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත්, තෙවැනි තරඟය ලබන 30 වැනිදා දඹුල්ලේදීත් පැවැත්වීමට නියමිතය.