අලව්වේ පුද්ගල ඝාතනයක්

අලව්වේ පුද්ගල ඝාතනයක්

August 19, 2014   04:53 pm

අලව්ව, මාරච්චිමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

අදාළ පුද්ගලයා නිවස අසළ පිහිටි හෝටලයක රැඳීසිටින අවස්ථාවේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.

එම පුද්ගලයින් දෙදෙනා සමග ඇතිවු බහින් බස්විමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්ය.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා කුරණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 29 හැවිරිදි කන්දේ ගෙදර, මාරච්චිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.