එස්.එස්.සී පිටියෙන් මහේලට තිළිණයක්! - මහේල ටෙස්ට් පිටියට සමුදෙයි

එස්.එස්.සී පිටියෙන් මහේලට තිළිණයක්! - මහේල ටෙස්ට් පිටියට සමුදෙයි

August 18, 2014   11:29 am

ලොවපුරා ක්‍රීඩා ‍ලෝලීන්ගේ අවධානයට ලක්වූ ශ්‍රී ලංකා - පකිස්ථාන දෙවන ‍ටෙස්ට් තරඟය ද මහේල ජයවර්ධනගේ සමුගැනීමට ජයග්‍රාහී අවසානයක් ලබාදෙමින් ශ්‍රී ලංකා පිලට විශිෂ්ට ජයක් අත්කර දෙමින් මීට ටික වේලාවකට පෙර නිමාවට පත්විය.

මෙම තරඟයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 320ක් ලබාගත් අතර පකිස්ථානය ලබාගත් ලකුණු සංඛ්‍යාව 332කි.

ලකුණු 12ක් පිටුපසින් සිටිමින් ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමට ලකුණු 282ක් ලබාගත් අතර ජයග්‍රහණය සඳහා පකිස්ථානයට ලකුණු 271ක ඉලක්කයක් ලැබිණ.

කෙසේ වෙතත් පකිස්ථානු කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 165ක් පමණි.

ආබාධයකට ලක්වීම නිසා ජුනයිඩ් ඛාන් පන්දුවට පහරදීමට පිටියට නොපැමිණියේය.

ඒ අනූව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයෙන් ලකුණු 105ක ජයක් ලබාගත් අතර එය මහේල ජයවර්ධනගේ සමුගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් ලබාදුන් තිළිණයක් ලෙස සැලකිය හැකිය.

මහේලගේ ක්‍රීඩා සමාජය වන එස්.එස්.සී ක්‍රීඩාපිටියේ ඔහු ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟය එය බවට පත්කරමින් ද ශ්‍රී ලංකා - පකිස්ථාන ‍තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ සමස්ත ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට අත්කර දෙමින් ද එම තරඟය නිමාවට පත්විය.

මෙම තරඟයේදී මහේල ජයවර්ධන පළමු ඉනිමට ලකුණු 4ක් ලබාගත් අතර දෙවැනි ඉනිමට ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය.

පන්දුවෙන් දස්කම් පෑ රංගන හේරත් දෙවැනි ඉනිමේත් කඩුලු 5ක් බිඳ දැමූ අතර ඔහු පළමු ඉනිමේදීත් කඩුලු 9ක් ලබා ගන්නා ලදී.

තරඟය නැරඹීම සඳහා ප්‍රෙක්ෂකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඒ අතර සිටිනු දක්නට ලැබිණ.

මහේල ජයවර්ධන ප්‍රේක්ෂකයින්ගේ උණුසුම් ප්‍රතිචාර මැද ක්‍රිකට් පිටියෙන් සමුගන්නා අවස්ථාව බොහෝ දෙනාගේ හදවත් කම්පා කළ දර්ශනයක් බවට ද පත්විය.

මහේල ජාත්‍යන්තර ටේස්ට් පිටි‍ෙය් ටෙස්ට් ලකුණු 10,000 ඉක්මවූ පිතිකරුවෙකි.