මෝසුල් වේල්ල අත්පත්කර ගැනීමට කුර්දි හමුදා ප්‍රහාර දියත් කරයි
සයුරෙන් එතෙර

මෝසුල් වේල්ල අත්පත්කර ගැනීමට කුර්දි හමුදා ප්‍රහාර දියත් කරයි

August 18, 2014   08:31 am

ඉස්ලාමිය සටන්කරුවන් යටතේ පවතනි මෝසුල් වේල්ල අත්පත් කරගැනිම සඳහා කුර්දි හමුදා ප්‍රහාර දියත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ සඳහා අමෙරිකානු ආරක්ෂක අංශ වල ද සහය පළ වි තිබේ.

මෝසුල් වේල්ල යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයත් ලෙස සැලකෙන අතර එය මේ වන විට ඉස්ලාමිය සටන්කරුවන් අත්පත් කරගෙන සිටියි.

අමෙරිකානු නියමුවන් රහිත යානා විසින් සහ ප්‍රහාරක ගුවන් යානා යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාර වලින් අනතුරුව කුර්දි හමුදා සිය ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට කුර්දි හමුදා ජලාශයට නැගෙනහිර පිහිටි ගම්මානයක බලය අත්පත්කරගෙන තිබේ.

පසුගිය සතියේ දි ඉරාක සටන්කාමින් විසින් විදුලි බලාගාර වලට ජලය සැපයෙන ටයිග්‍රිස් නදිය ආසන්නයේ විදුලි බලාගාරවල බලය අත්පත්කරගන්නා ලදී.