මහේල ටෙස්ට් දිවියේ  අවසන් අර්ධ ශතකය වාර්තා කරයි

මහේල ටෙස්ට් දිවියේ අවසන් අර්ධ ශතකය වාර්තා කරයි

August 17, 2014   11:28 am

සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය ක්‍රීඩා කළ මහේල ජයවර්ධන සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් අර්ධ ශතකය වාර්තා කරන ලදී.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඔහු විසින් ලබාගත් 50 වන අර්ධ ශතකය මෙය වෙයි.‍

එසේම ශ්‍රී ලංකාව සහ පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ මේ වන විට ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව කඩුළු 4ක් දැවී ලකුණු 211 ලබා ගැනීමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම සඳහා ලකුණු 320ක් රැස්කරගත් අතර පකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 332ක් ලබා ගන්නා ලදී.