ඉන්දියාවෙන් ඇසෙන පුවත්
සයුරෙන් එතෙර

ඉන්දියාවෙන් ඇසෙන පුවත්

August 15, 2014   09:28 am

68 වන ඉන්දීය ජාතික නිදහස් දිනය අදට යෙදී තිබේ.

1947 අගෝස්තු 15 වැනිදා බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීම සමරමින් අද ඉන්දියාවේ උත්සව රැසක් සංවිධානය කර ඇත.

මේ අතර මගින් 300ක් රැගෙන ඉන්දියාවේ මුම්බායිහි සිට බ්‍රසල්ස් දක්වා පියාසර කරමින් තිබු බොයි 777 වර්ගයේ යානයක් හදිසියේම අඩි 5000ක් පමණ කඩා වැටී ඇත.

ගුවන් ගමන් පාලක නියමුවන් විසින් යානයේ පාලනයෙන් තොර ගමන් මඟ පිළිබඳ දැනුම්දීමෙන් පසු ගුවන් නියමුවන් විසින් එය යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වෙයි.

අදාළ අවස්ථාවේ දී නියමුවා සහ සහායක නියමුවා නින්දේ පසුවී ඇති බවට සැක පළ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

මේ අතර චෞර රැජින නමින් ඉන්දියාවේ ප්‍රසිද්ධියට පත් පුලාන්දේවියගේ ඝාතකයාට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත.

පුලාන්දේවි 2001 වසරේ දී ඇයගේ නිවස ඉදිරිපිට දී ඝාතනයට ලක්වු අතර ඒ පිළිබඳ නඩු විභාගයේ දී ශර් සිං රානා නැමැත්තා ඊට වැරදිකරු බවට පත්වුණි.

ලාබාල වියේ දී සමූහ දුෂණයට ලක්කිරීමට පළිගැනීමක් වශයෙන් පුලාන්දේවිය විසින් කුලීනයන් 20 දෙනෙකු පමණ ඝාතනය කිරීම හේතුවෙන් ප්‍රසිද්ධියට පත්විය.