බ්‍රසීල ජනපති සිහිනය මැවූවෙක් ගුවන් අනතුරින් මරුට
සයුරෙන් එතෙර

බ්‍රසීල ජනපති සිහිනය මැවූවෙක් ගුවන් අනතුරින් මරුට

August 14, 2014   08:58 am

බ්‍රසීල ජනාධිපති අපේක්ෂකයෙකු වන එඩුරාඩෝ කැම්පෝස් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

49 හැවිරිදි කැම්පෝස් සිය පදිංචි ප්‍රදේශය වන සැන්ටෝස් නගරය වෙත ගමන් කරමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්ය.

අනතුරෙන් එම ගුවන් යානයේ ගමන් තවත් සිව්දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනා ද මියගොස් ඇත.

මේ හේතුවෙන් බ්‍රසීලයට දින 03 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.