ඉමදූවේ වෙළඳසැල්වල කුණු කෑම!
August 13, 2014 03:40 pm
ඉමදුව සතිපොළ සහ ඉමදුව ප්‍රදේශයේ වෙළෙඳසැල් කිහිපයක් පරික්ෂාවට ලක්කිරීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් සොයා ගෙන තිබේ.
ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් අද (13) දහවල් සිදු කළ වැටලීමකදී එම ආහාර තොගය සොයා ගෙන ඇත.
එම ස්ථාන වල තිබී පරිභෝජනයට නුසුදුසු නරක් වු මාළු කිලෝග්‍රෑම් 10ක්, කරවල කිලෝග්‍රෑම් 11ක් සහ අර්තාපල් කිලෝග්‍රෑම් 08ක් සොයා ගෙන තිබේ.
එමෙන්ම වෙළඳසැලක තිබී නරක් වු රෝල්ස් 70ක් ද සොයා ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.