ඉබෝලාට කැනඩ‍ාවෙන් එන්නත්
සයුරෙන් එතෙර

ඉබෝලාට කැනඩ‍ාවෙන් එන්නත්

August 13, 2014   11:41 am

බටහිර අප්‍රිකානු පැතිර යමින් පවතින ඉබෝලා වෛයිරසයට ප්‍රතිකාර කිරීම සඳහා පරික්ෂණ මට්ටමේ පවතින එන්නත එම රටවලට ලබාදීමට කැනඩාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව අදාළ එන්නතේ මාත්‍රා 800ත් 1000ත් අතර ප්‍රමාණයක් බටහිර අප්‍රිකානු රටවල බෙදාහැරීමට කැනඩාව ඉදිරිපත්ව ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් මෙම එන්නත මේ වන විට පරික්ෂණයට ලක්කර ඇත්තේ සත්වයින් පමණක් යොදා ගනිමින් බව වාර්තා වේ.

ඉබෝලා වෛරසයෙන් පීඩා විඳින පිරිස් සඳහා පරික්ෂණ මට්ටමේ ඖෂධ ලබා දීමට පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවසර ලබා දී තිබුණි.

ඒ අනුව අදාළ එන්නත සහ ස්මැප් නමැති ඖෂධය ඉබෝලා රෝගින්ට ලබා දීමට තිරණය කර ඇත.

මේ වන විට බටහිර අප්‍රිකානු රටවල ඉබෝලා වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගෙන් සියයට 55ක පමණ ප්‍රමාණයක් මියගොස් ඇති බව සඳහන්ය.