සයිඩ් අජ්මාල්ටත් බාල්දියක් වැටේ

සයිඩ් අජ්මාල්ටත් බාල්දියක් වැටේ

August 11, 2014   03:57 pm

ඡායා රූ - AFP

පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ සයිඩ් අජ්මාල්ගේ පන්දු යැවීම සැක සහිත බැවින් ඔහුට ද දින 21ක් ඇතුළත පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුව තිබේ.

ගාල්ලේදී නිමාව දුටු ශ්‍රී ලංකා - පකිස්ථාන පළමු ටෙස්ට් තරඟයේදී අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට චෝදනා එල්ල වී ඇත.

කෙසේ වෙතත් ඔහු දින 21ක් ඇතුළත පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයකට භාජන වී එහි ප්‍රතිඵල ලැබෙන තුරු ඔහුට ක්‍රීඩා කිරීමට බාධාවක් සිදුව නැත.

ඒ අනූව ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයට ද ඔහු ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරඟය ලබන 14 වැනිදා කොළඹදී ආරම්භ වීමට නියමිතය.

සයිඩ් අජ්මාල්ට ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ දෙවන අවස්ථාව මෙය ලෙස සැලකෙන අතර මීට පෙර 2009 අ‍ප්‍රේල් මාසයේදීත් චෝදනා එල්ල වූ අතර එම චෝදනාවට ඔහු නිවැරදිකරු විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සචිත්‍ර සේනානායකට ද ඉකුත් එංගලන්ත සංචාරයේදී මේ ආකාරයෙන් චෝදනාවක් එල්ල වී පැවැත්වූ විමර්ශනයකින් පසු ඔහු‍ෙග් පන්දු යැවීම වැරදී බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කළ දැනුම් දීමෙන් පසු මේවන විට ඔහු ක්‍රිකට් පිටියෙන් තාවකාලිකව ඉවත්ව සිටියි.