මිනිස් කරමතින් යන සතා....!

මිනිස් කරමතින් යන සතා....!

December 5, 2016  

Bookmark and Share
හම්බන්තොට, ගල්වැව, පුන්ච්චි - මදව්ව ප්‍රදේශයේ නිවසක ගෙවත්තකට පැමිණ සිටි දිගින් අඩි 11 ක් පමණ වන හැළ කිඹුලෙකු ප්‍රදේශවාසින් විසින් අල්ලා හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු ඔවුන් පැමිණ කිඹුලා ගැටගසා අල්ලාගෙන රැගෙන යන ලදි. මෙසේ අල්ලාගත් කිඹුලා බූන්දල වනෝද්‍යානයට මුදාහැරීමට කටයුතු කරන බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවිආරක්ෂක ඩබ්ලිව්.එම්.ඒ. ගුණතුංග මහතා පැවසීය.

අද (05) අළුයම එකට පමණ කිඹුලා දුටු නිවැසියන් හා ප්‍රදේශවාසීන් එක්ව කිඹුලා ගැටගසා හම්බන්තොට වනජීවී කාර්යාලයට දැනුම්දුන් බව වාර්තා වේ. මීට පෙර එම ප්‍රදේශයට මේ ආකාරයෙන් කිඹුලන් පැමිණ නැති බව ප්‍රදේශවාසින් පවසා සිටියේය. ප්‍රදේශයේ වැවක් තිබෙන්නේද කිලෝමීටර් 3ක පමණ දුරින් වන අතර කිඹුලා කොහේ සිට පැමිණියාද යන්න හෙළිවී නැත.

ඡායා රූ - රාහුල් සමන්ත