මහේල‍ට ගාල්ලෙන් තිළිණයක්

මහේල‍ට ගාල්ලෙන් තිළිණයක්

August 11, 2014   09:43 am

සංචාරක පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා‍ කණ්ඩායම සමත් විය.

පකිස්ථාන කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 180ට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දිනය අවසානය තුළ ලකුණු 99ක් රැස්කර ගැනීමට අවශ්‍ය වි තිබුණි.

ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩාමට ඉතා ප්‍රවේගකාරී අයුරින් ක්‍රීඩා කළ අතර එහිදී අඟනා පිතිහරඹයක යෙදී සිටි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 13 තුළ ලකුණු 25ක් ලබා ගන්නා ලදී.

මෙම ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය මහේල ජයවර්ධනගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය වන අතර මෙම ජයග්‍රහණය මහේල ජයවර්ධන සඳහා ගාල්ල ජා‍ත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ලැබුණු අඟනා තිළිණයක් බව කිව හැකිය.