ජපානයට හලෝන් බැ‍ටදෙයි
සයුරෙන් එතෙර

ජපානයට හලෝන් බැ‍ටදෙයි

August 11, 2014   09:26 am

ජපානයට බලපා ඇති හලෝන් වැසි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 10කට පමණ සිය නිවාස වලින් ඉවත් වන ලෙස ජපාන රජය නියෝග කර තිබේ.

නිරිත දිග ජපානයට මෙම තද වැසි කුණාටු තත්ත්වය බලපා ඇත.

පැයට කිලෝමීටර් 100ක පමණ වේගයෙන් මෙම වැසි කුණාටු තත්ත්වය හමා යන අතර මේ වන විටත් ටෝකුෂිමා නගරය ජලයෙන් යට වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.

විශාල වශයෙන් කඳු නායයෑම් සිදුව ඇති අතර මේ වන විට එක් පුද්ගලයෙකු මියගොස් තවත් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

මීට අමතරව ගුවන් ගමන්වාර 143ක් පමණ නවතා දමා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.

දුම්රිය ගමන්වාර ද අවලංගු කර ඇති අතර ප්‍රදේශ වල වාහන ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බව සඳහන්ය.