සංගාගෙන් ද්විත්ව ශතකයක්

සංගාගෙන් ද්විත්ව ශතකයක්

August 9, 2014   04:21 pm

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දසවන ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර සමත් වී තිබේ.

ඒ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුරේදීය.

පකිස්ථාන කණ්ඩායමට එරෙහි වාර්තා කරන ලද තුන්වන ද්විත්ව ශතකය මෙය වන අතර දැනට ද්විත්ව ශතක වැඩිම ප්‍රමාණයක් වාර්තා කළ ලෝකයෙන්ම දෙවන ස්ථානයට පත්වීමටද කුමාර් සංගක්කාර සමත් විය.

පකිස්ථානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිව් වන දිනය අද වන අතර ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුළු 7ක් දැවී ලක්ණු 476 ලබා ගැනීමට සමත් වී ඇත.