සංගාගෙන් තවත් ලෝක වාර්තාවක් - පකිස්ථානයට එරෙහිව ශතක 10යි
August 8, 2014 03:06 pm
පකිස්ථානු කණ්ඩායමට එරෙහිව වැඩිම ශතක් ලබාගත් පිතිකරුවා බවට පත්වෙමින් කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ 37 වැනි ශතකය මීට ටික වේලාවකට පෙර ලබා ගැනීමට සමත්විය.
සංගක්කාර අද ලබාගත්තේ පකිස්ථානයට එරෙහිව 10 වැනි ටෙස්ට් ශතකය වන අතර සංගක්කාර සමග කඩුල්ලේ රැඳී සිටින මහේල ජයවර්ධන ද අර්ධ ශතකයක් ලබා පන්දුවට පහරදෙමින් සිටියි.
පකිස්ථානය සමග ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද වන අතර පකිස්ථානය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 451ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව මීට ටික වේලාවකට පෙර කඩුලු 2ට ලකුණු 252ක් ලබා ගෙන තිබුණි.