සයුරෙන් එතෙර
මම ගහන්න අවසර දුන්නා
August 8, 2014 08:41 am
අමෙරිකානු අවශ්‍යතා වලට තර්ජනයක් වන්නේ නම් උතුරු ඉරාකයේ ඉස්ලාමීය සටන්කාමි ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට අවසරදුන් බව ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
අමෙරිකාව දැනටමත් විපතට පත්වූවන්ට ගුවනින් මානුෂීය ආධාර හෙලීම සිදුකරන බව වාර්තා වෙයි.
ඉරාකයේ විශාලතම ක්‍රිස්තියානි නගරය වන කරකොෂ් නගරයෙන් දහස් ගණන් ක්‍රිස්තියානි භක්තිකයින් පිටව යාම ආරම්භ කර ඇත.
මේ අතර ඉරාකයේ පවතින තත්ත්වය පිළිබඳ ඊයේ රැස් වූ ආරක්ෂක කවුන්සිලයේ ද අවධානය යොමුව තිබේ.
ඉරාක වැසියන්ට සහය පළ කිරීම සඳහා එක්වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටීමට ආරක්ෂක කවුන්සිලයේ දී තීරණය වී ඇති බවද වාර්තා වේ.
අයිසිස් සටන්කාමින්ගේ ප්‍රහාර හේතුවෙන් ඉරාකය අස්ථාවර වී ඇති අතර දිනපතා මිය යන සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත.