චීනයේ භූමිකම්පාවක් -  367ක් මරුට
සයුරෙන් එතෙර

චීනයේ භූමිකම්පාවක් - 367ක් මරුට

August 4, 2014   09:19 am

නිරත දිග චීනයේ යුනෑන් ප්‍රාන්තයේ සිදුවු භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 367 දක්වා ඉහළගොස් තිබේ.

තවත් පුද්ගලයින් 1300ක් පමණ භූමි කම්පාව හේතුවෙන් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

භූමි කම්පාව රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් සටහන්ව තිබේ.

නිවාස හා පාසල් ඇතුළු ප්‍රදේශයේ ගොඩනැගිලි බොහොමයක් භූමි කම්පාව හේතුවෙන් විනාශයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට සහන සේවා කණ්ඩායම් විසින් විපතට පත්වූවන් බේරාගැනිමේ කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.