වීඩියෝ: ලංකාවේ මානව හිමිකම් ගැන සොයන්න යුරෝපියන්ට අයිතියක් නෑ

වීඩියෝ: ලංකාවේ මානව හිමිකම් ගැන සොයන්න යුරෝපියන්ට අයිතියක් නෑ

August 2, 2014   12:32 pm

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව විනිශ්චය කිරීම සඳහා යුරෝපියන්ට අයිතියක් නොමැති බව 2013 Miss Earth - Air රැජින වන කාර්ටියා වැග්නර් මෙනවිය පවසයි.

එසේම ආසියාව පිළිබඳව විනිශ්චය කිරීමේ අයිතියද යුරෝපියන්ට නොමැති බව ඊයේ(01) අද දෙරණ සමඟ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.

යුරෝපියන්ට අාවේණික සංස්කෘතියක් ඇති බවත්, ශ්‍රී ලාංකිකයින්ටද අාවේණික සංස්කෘතියක් ඇති බවත්, කාර්ටියා එහිදී කියා සිටියාය.

යුරෝපියන්ගේ සංස්කෘතිය වෙනස් දෙයක් බවත්, එය ශ්‍රී ලාංකිකයින්ට තේරූම්ගත නොහැකි බවත් කාර්ටියා වැග්නර් එම අවස්ථාවේදී අද දෙරණ සමඟ පැවසුවාය.

එසේම තමා ශ්‍රී ලංකාව කෙරෙහි ඉතාමත් බැඳීමක් ඇති කර ගත් බවත්, ශ්‍රී ලංකාව යනු ගැටුම්වලින් තොර සාමකාමී ඉතාමත්ම නිස්කලංක පරිසරයකින් යුත් රටක් බවත් ඇය එහිදී සඳහන් කළාය.

තවද ශ්‍රී ලංකාව කෙරෙහි තමා තුළ ඇති වූ ඒ හැඟීම ජාත්‍යන්තරය දක්වා රැගෙන යන බවද කාර්ටියා වැග්නර් අද දෙරණ සමඟ වැඩිදුරටත් සඳහන් කර සිටියාය.