අඹුසැමි යුවළක් සියදිවි නසාගනියි

අඹුසැමි යුවළක් සියදිවි නසාගනියි

August 2, 2014   08:53 am

පන්විල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් සියදිවි හානි කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔවුන්ගේ නිවස තුළම පුරුෂයා වස පානය කර බිරිඳ ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙකු සහ 24 හැවිරිදි තරුණියකි.

සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පන්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.