වීඩියෝ: දමිඳු පුතා හමුවෙයි

වීඩියෝ: දමිඳු පුතා හමුවෙයි

August 2, 2014   07:07 am

පැහැරගැනීමට ලක්වු දමිදු යෂේන් නැමැති සිව් හැවිරිදි දරුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසින් සොයාගෙන තබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ කප්පමක් ලබාගැනීමේ අරමුණින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.

ඒ අනුව පැහැරගත්තවුන් මිලියන 10 ක මුදලක් ඉල්ලා ඇති බව සඳහන්ය.

පසුගිය 28 වැනිදා නිවසට කඩා වැදුණු සාහසිකයින් පිරිසක් විසින් මෙම දරුවා පැහැරගෙන ගිය අතර සිව් දිනක් පුරා මුළු රටක අවධානය වී තිබු දමිදු යෂේන් නිරුපද්‍රිතව සොයාගැනීමට හැකිවීම සියළුදෙනාට අස්වැසිල්ලක් විය.

ඊයේ දිනයේ සොයාගත් මෙම දරුවා මේවන විට දරුවාගේ මව්පියන්ට බාරදී තිබේ.