ඉන්දියාවේ පාර්ලිමේන්තුවට වඳුරු ප්‍රශ්නයක්
සයුරෙන් එතෙර

ඉන්දියාවේ පාර්ලිමේන්තුවට වඳුරු ප්‍රශ්නයක්

August 1, 2014   06:10 pm

ඉන්දියාවේ පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ රජයේ ගොඩනැගිලි අසල ගැවසෙන වඳුරන් පලවා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

වඳුරන් ලෙස වෙස් වළාගත් පුද්ගලයින් හතළිස් දෙනෙකු කුලී පදනම මත යොදා ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.

දකුණු ආසියාවට අයත් වඳුරු විශේෂයක් ඉන්දියාවේ දිල්ලි නුවර දහස් ගණනින් සැරිසරන බව වාර්තාවේ.

මෙම තත්ත්වය එම ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයින්ට දැඩි අපහසුවක් බවට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.