පතල් හාරන්න ගිය තිදෙනෙක් මාට්ටු

පතල් හාරන්න ගිය තිදෙනෙක් මාට්ටු

August 1, 2014   06:09 pm

නීති විරෝධී අයුරින් පතල් කැණීම් සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු මැණික් ගඟ දඹේයාය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බුත්තල පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් මැණික් ගඟ ප්‍රදේශයේ අනවසර පතල් කැණීම් සිදුකරන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදි ඔවුන් සතුව තිබී කැණීම් කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ තොගයක් ද පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් සහ අදාළ උපකරණ වැඩිදුර විමර්ශන සඳහා මොණරාගල මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩිදුරටත් කියා සිටියි.