ආයුර්වේද ඖෂධයෙන් අලුත්ම මත්පැන් විශේෂයක් හදලා

ආයුර්වේද ඖෂධයෙන් අලුත්ම මත්පැන් විශේෂයක් හදලා

August 1, 2014   04:33 pm

ආයුර්වේද ඖෂධ ලෙස සකස් කළ මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු කුරුණෑගල මහමූකලන්යාය, පහලපෝද්දව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ සුරාබදු කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ මත්පැන් තොගය සොයාගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේය.

ආයුර්වේද ඖෂධ පානයකට නියමිත මාත්‍රා ප්‍රමාණය ඉක්මවා එතනෝල් මිශ්‍ර කර අදාළ මත්පැන් තොගය සකස් කර ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.