සමරු ඵලකයට හෙණහුරා ගහලා!

සමරු ඵලකයට හෙණහුරා ගහලා!

August 1, 2014   04:00 pm

අද දිනයේ විවෘත කිරීමට නියමිතව තිබු හැටන් - කොටගල ඩ්‍රෙටන් සහ යතන්සයිඩ් ඇතුළු වතු ගණනාවකට පිවිසෙන මාර්ගයේ සමරු ඵලකය කිසියම් පිරිසක් විසින් විනාශ කර තිබේ.

අදාළ මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දහයක පමණ මුදලක් වැය කර ඇතැයි සඳහන්ය.

එම මාර්ගය අද පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා විසින් විවෘත කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් අදාළ මාර්ගය ආරම්භක ස්ථානයේ ඉදිකර ඇති සමරුඵලකය කිසියම් පිරිසක් විසින් විනාශ කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඡායා රූ - රංජිත් රාජපක්ෂ