ඇමති මෛත්‍රී මව්කිරි දෙන්න සුදානම්

ඇමති මෛත්‍රී මව්කිරි දෙන්න සුදානම්

August 1, 2014   03:13 pm

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජාතික මව්කිරි දීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

අද සිට ලබන 07 වැනිදා දක්වා ජාතික මව්කිරි දීමේ සතිය ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

‘‘මව් කිරි දෙමු - දිවිය දිනමු” යන්න මෙවර මව්කිරි දීමේ සතියේ තේමාව වී ති‍ෙබ්.

ළදරුවන්ට මව්කිරි දීම මගින් රෝග වැළඳීම, මරණ අඩු කිරීම, ප්‍රශස්ත වර්ධනයක් අත්කරගැනීම සහ මනා බුද්ධි වර්ධනයක් අත්කරගැනීමට හේතුකාරක වන බව විද්‍යාත්මකව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙවර මව්කිරි දීමේ සතිය තුළ දිවයිනේ සියලු වෛද්‍ය නිලධාරි කොට්ඨාස හා සෞඛ්‍ය ආයතන විසින් මව්කිරි දීම ප්‍රවර්ධනය ආරක්ෂාව හා අනුබලදීම සම්බන්ධයෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

මව්කිරි දීමේ සතිය වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රධාන උත්සවය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරි‍සේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 05 වැනිදින පැවැත්වීමට නියමිතය.