වෙලේසුදාගෙ  බිරියත් නැන්දාම්මාත් අත්අඩංගුවේ

වෙලේසුදාගෙ බිරියත් නැන්දාම්මාත් අත්අඩංගුවේ

August 1, 2014   02:16 pm

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන, දැනට පකිස්ථානයේ සැඟව සිටින බව කියන ගම්පල විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේසුදා නැමැත්තාගේ බිරිඳ වන ගයනි ප්‍රියදර්ශනි (33) හා නැන්දම්මා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් මාදිවෙලදී ඔවුන් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කීවේය.

සැකකාරියන් දින 7ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවද එම ඒකකය පැවසීය.

පසුගිය ජුනි මස 12 වැනිදා විශේෂ කාර්යය බලකාය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 85ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කැලණිය, හතරේ කණුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවු බවට දැනට පාකිස්ථානයේ සිටින ගම්පල විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලෙසුදාට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.