ආයුධ අතට නොගත් එකම විප්ලවාදීන් අපියි!

ආයුධ අතට නොගත් එකම විප්ලවාදීන් අපියි!

August 1, 2014   12:25 pm

රට නිවැරදි මාවතට‍ ගෙනයාමේදී ආයුධ අතට නොගත් එකම විප්ලවාදීන් පිරිස අපි යැයි මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (01) කොළඹදී එම පක්ෂයේ 21 වැනි ජාතික මහ සම්මේලනය අමතමිනි.

මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීමෙන් පසුව එහි කටයුතු ඇරඹිණ.

30 අවුරුදු යුද්ධය නිමා කිරීමේදී ජනපතිට ශක්තියක් වීමට තම පක්ෂයට හැකි වූ බව එහිදී ඇමතිවරයා පෙන්වාදුන්නේය.

ත්‍රස්තවාදය පෝෂණය කළේ විදේශ රටවල සිට බවත්, එහි පෙකණිවැල ඇත්තේ ද එම රටවල බවත්, පැවසූ අමාත්‍යවරයා කෙසේ වුවද අද එම අභියෝගය අපි ජයගෙන ඇතැයි ද වැඩිදුරටත් කියා සිටියේය.