රාගම සතොසෙ කුණු හාල්මැස්සන්

රාගම සතොසෙ කුණු හාල්මැස්සන්

August 1, 2014   12:19 pm

රාගම සතොස ගබඩාවක තිබී පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 50ක් සොයාගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

මේ සම්බන්ධයෙන් එම ආයතනයේ කළමනාකරුට එරෙහිව මීගමුව උසාවියේ නඩු පවරන බව එම නිලධාරීන් කියයි.

රාගම සතොස ගබඩාවේ අලෙවි කෙරෙන අල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනූව අද (01) පෙරවරුවේ එය වැටලීමේදී මෙම නරක් වූ හාල් මැස්සන් තොගය සොයාගෙන ඇත.

මෙම වැටලීමට රාගම සෞඛ්‍ය ‍ෛවද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සම්බන්ධ වී තිබේ.