කුඩු ඇද්ද ජෝඩුවට මාංචු

කුඩු ඇද්ද ජෝඩුවට මාංචු

August 1, 2014   12:02 pm

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පානදුර නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 150ක් පමණ සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බොරලැස්ගමුව, දේවාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත බාර දී ඇති අතර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.